චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (22) වි රුසියාවේ Kazan නගරයට ළඟා වුණා. ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ආරාධනයට අනුව බ්‍රික්ස් නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගී වීම සඳහායි. එම සමුළුව අද(22) සිට ලබන 24වැනිදා දක්වා පැවැත්වෙනවා.
2024 වසර‘පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවයේ’නව ආරම්භක වසර ලෙසයි හැඳින්වෙන්නේ. එමෙන්ම මෙවර සමුළුව බ්‍රික්ස් සාමාජික රටවල් සංඛ්‍යාව පුළුල් කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම සමුළුව වීම ද විශේෂත්වයක්.
30කට වැඩි රටවල හා ජාත්‍යන්තර සංවිධානවල නායකයෝ එහිදී සංවර්ධනය පිළිබඳ පොදු සාකච්ඡාවල නිරත වීමට සූදානම් බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි