චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා පසුගියදා(17) චීනයේ රොකට් හමුදාවේ බලකායක කටයුතු නිරීක්ෂණය කළේය.
නව යුගයේ ‘හමුදාව ශක්තිමත් කිරීමේ චින්තනය හා යුද ක්‍රියාමාර්ගය’ දැඩිව අනුගමනය කරමින් උපායමාර්ගික මිසයිල හමුදාව සංවර්ධනය හා සටන් කිරීමේ න්‍යායයන් මනාව ග්‍රහණය කර ගත යුතු බව ඔහු එහිදී අවධාරණය කළේය. දේශපාලන මෙහෙයවීම් තහවුරු කර ගනිමින් සිය වගකීම් මනාව අවබෝධ කර ගත යුතුය. හමුදාවේ උසස් සංවර්ධනය ඉදිරියට ගෙන යමින්, උපායමාර්ගික මර්දන හැකියාව හා සටන් කිරීමේ හැකියාව ඉහළ නංවාලීමට උද්‍යෝගිවත්ව වෑයම් කළ යුතු බව ද ඔහු කියාසිටියේය. එසේම චීන කොමියුනිස්ට් පක්ෂය හා මහජනතාව භාර දෙන කාර්යභාරයන් ස්ථිර ලෙස ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කර තිබේ.
අවදානම්, අසීරුතා හා සටන් කිරීම පිළිබඳ පූර්ව අවබෝධයක සිට, යුද සූදානමට පූර්ණ පුහුණුවකින් සිටිය යුතුය. රටේ උපායමාර්ගික සුරක්ෂිතතාව හා කේන්ද්‍රීය ප්‍රතිලාභ ශක්තිමත්ව ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමේ නිපුණතාව ස්ථිරව ගොඩනගා එය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි