ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 23වන රැස්වීම ඊයේ (4) සවස පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිංහිදී වීඩියෝ මාර්ගයෙන් ඊට එක්වෙමින් දේශනයක් පැවැත්විය.
ඉරානය ශැංහයි සහයෝගිතා සංවිධානයේ නව සාමාජිකයෙකු වශයෙන් මෙවර රැස්වීමේදී පිළි ගැනුණ අතර බෙලරුසියාව ශැංහයි සහයෝගිතා සංවිධානයට එක්වීමේ අවබෝධතා ගිවිසුමට ද අත්සන් තැබිණ. මෙය ශැංහයි සහයෝගිතා සංවිධානයට නව ජවයක් එකතුවීමක් ලෙසට ෂී ජින් පිං මහතා විසින් හඳුන්වා දෙනු ලැබිණ .
වර්තමානයේ ජගත් ප්‍රජාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටී. එම අභියෝග කෙසේ වුව ද සාමය, සංවර්ධනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය යන යුගයේ ප්‍රවණතාව වැළැක්විය නොහැකි බව ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය දේශනයෙන් පෙන්වා දුන්නේ ය. ශැංහයි සහයෝගිතා සංවිධාන සාමාජික රටවල් උපාය මාර්ගික සම්බන්ධීකරණය හා සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කළේ ය.එමෙන් ම කලාපීය දිගුකාලීන ස්ථාවරත්වය පවත්වාගෙන යාම සියලු සාමාජික රටවල පොදු වගකීමකි. සෙසු සාමාජිකයන් සමග එක්ව ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාවට නංවමින් සංවාද හා සාකච්ඡා මාර්ගයෙන් මතුවූ ගැටළු හා මතභේද නිරාකරණය කරමින් කලාපීය ආරක්ෂාව වඩාත් තර කළ යුතු ය. ශිෂ්ටාචාර විවිධත්වය රැකගැනීම හා සුසංගත සංවර්ධනය වෙනුවෙන් චීනය විවිධ පාර්ශ්වයන් සමග ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාවට නංවාලීමට සක්‍රිය ව කටයුතු කරන බව ද හෙතෙම දේශනයෙන් වැඩිදුරටත් සඳහන් කළේ ය.
ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම, කලාපීය රටවල පොදු කාර්යයකි. විවිධ පාර්ශ්ව සමග ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාවට නංවමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා පුළුල් කිරීම වෙනුවෙන් උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටී. එමගින් සංවර්ධන ප්‍රතිඵල සාධාරණව විවිධ රටවල ජනතාවට ලබා ගත හැකි බව චීන ජනාධිපතිවරයා පවසයි.
අධි ගුණාත්මක භාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල, විවිධ රටවල සංවර්ධන උපාය මාර්ග හා කලාපීය සහයෝගිතා මුලපිරුම වඩාත් සමීප කළ යුතු බව හෙතෙම අවධාරණය කළේ ය.
චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් බහුපාර්ශ්වවාදය රැකගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍රගත ජගත් පද්ධතිය ආරක්ෂා කරමින් ගෝලීය කළමනාකරණය වඩාත් ප්රශස්ත කරමින් මානව සමාජය සංවර්ධනය වඩාත් ඉහළ තලයකට ගෙන යා යුතු බව ෂී ජින් පිං ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
චීන ජනපති ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 23වන රැස්වීම අමතයි

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි