චීන ජනපති ෂැංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවක

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(29) චීනයේ ෂැංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජාත්‍යන්තර තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානයක් ගොඩනගා ගැනීමේ නිරතව සිටින ෂැංහයි නගරය විවිධ නව අවස්ථා අත්පත් කර ගත යුතු බව ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී අවධාරණය කළේය. ජාතික උපායමාර්ග අනුගමනය කරමින්, තාක්ෂණික නවෝත්පාදන හැකියාව මෙන්ම උසස් කර්මාන්ත ප්‍රවර්ධන හැකියාව අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බව ද ඔහු එහිදී කියාසිටියේය. ෂැංහයි නගරය ජාත්‍යන්තර බලපෑම් සහිත තාක්ෂණික නවෝත්පාදනයේ විශිෂ්ට කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපේක්ෂාව වන බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර ඇත.

එම චාරිකාවේදී ෂී ජින් පිං මහතා ෂැංහයි නගරයේ Xuhui දිස්ත්‍රික්කයේ පිහිටි ෂැංහයි SMC නවෝත්පාදන ආකෘති පදනම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කර ඇත. කෘත්‍රිම බුද්ධිය නව කර්මාන්තයක් වන අතර, එය තරුණයින්ගේ කර්මාන්තයක් බව හෙතෙම එම අවස්ථාවේදී පැවසීය.

ශක්තිමත් රටක් ගොඩනැංවීම සහ ජාතික පුනර්ජීවනය පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමේදී  වර්තමාන තරුණ පරම්පරාවට තම හැකියාවන් දැක්වීම සඳහා මෙය හොඳම කාලයකි. චීන ජාතියේ ශ්‍රේෂ්ඨ සිහිනය සැබෑ කර ගැනීම තරුණයින් මත රඳා පවතින බව ඔහු කියාසිටියේය. තරුණයින් සිය කැපවීම රටේ අනාගතය සමග සමීපව සම්බන්ධ කර, චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීමේදී සිය දක්ෂතා මනාව විදහා දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා පැවසීය.

එළඹෙන මැයි දිනය වෙනුවෙන් ද ෂී ජන් පිං මහතා එහිදී සුබ පැතුම් එක් කළේය. නව ජයග්‍රහණ ලබා ගැනීමට සහ නව දායකත්වයන් ලබා දීමට එක් වන්නැයි ඔහු සියලු දෙනා දිරිමත් කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com