චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියුබානු අගමැති Manuel Marrero Cruz මහතා හමුවේ.
එම හමුව ඊයේ (6) පස්වරුවේ බෙයිජිංහි මහජන මහශාලාවේ දී පැවැත්විණ.
කියුබාව සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය සහ උපායමාර්ගික සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමටත්, පක්ෂ සහ රාජ්‍ය පාලනය පිළිබඳ න්‍යායික සාකච්ඡා සහ අත්දැකීම් හුවමාරු කරගැනීමටත් චීනය සූදානමින් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. ජාතික ස්වෛරීභාවය සහ ජාතික අභිමානය ආරක්ෂා කරගනිමින්, බාහිර මැදිහත්වීම් හා අවහිර කිරීම්වලට එරෙහි වීමේ දී චීනය කියුබානු ජනතාවට ස්ථිර සහාය පළකරන බව ද හෙතෙම සඳහන් කළේය.
චීන වෙළඳපොළට ඇතුළුවීම සඳහා වඩාත් විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් කියුබාව, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වැනි වැදගත් වේදිකා මනාව ප්‍රයෝජනයට ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
චීනය සමඟ සමගිය හා සහයෝගීතා තවදුරටත් තහවුරු කිරීමට කියුබාව බලාපොරොත්තු වන බව අගමැති Manuel Marrero Cruz මහතා මෙම හමුවේ දී පැවසීය. චීනය සමඟ එක්ව “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ අධිගුණාත්මකභාවයෙන් ගොඩනගා විවිධ ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමටත්, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමටත් කියුබාව සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, සර්බියානු අගමැතිනි Ana Brnabic මහත්මිය හමුවෙයි. එම හමුව බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ඊයේ (6) පස්වරුවේ පැවැත්විණ.
සර්බියානු අගමැතිනිය 6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා චීනයට පැමිණ සිටී.
මෑත වසරවලදී චීන-සර්බියානු ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකින් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බවත්, පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවේ අර්ථය වඩාත් පොහොසත් වී ඇති බවත් ෂී ජින් පිං මහතා මෙම හමුවේ දී පෙන්වා දුන්නේය. නව තත්ත්වය යටතේ, ද්විපාර්ශ්වික සබඳතාවල උසස් තත්ත්වයේ සංවර්ධනය තහවුරු කිරීම සහ දෙරට ජනතාවට වඩා හොඳ ප්රතිලාභ ලබා දීම සඳහා සර්බියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය. චීන-සර්බියානු නිදහස් වෙළඳ ගිවිසුම හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වයම එක්ව ක්‍රියා කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එසේම, ස්වාධීන සංවර්ධන මාවතක් අනුගමනය කිරීම සඳහා චීනය සර්බියාවට සහාය දක්වන බව ද හෙතෙම පැවසීය.
දෙරට හය මසක් තුළ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹුණු බවත්, සබඳතා තවදුරටත් පුළුල් කිරීම සඳහා දෙපාර්ශ්වයේම පවතින දැඩි අධිෂ්ඨානය ඉන් මනාව පිළිබිඹු වන බවත් Ana Brnabic අගමැතිනිය මෙහිදී කියාසිටියාය. එකම චීනය මූලධර්මයට දැඩි ලෙස අනුගත වන සර්බියාව, චීනය සමඟ එක්ව “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ඒකාබද්ධ ඉදිකිරීම් ප්‍රවර්ධනයට බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවාය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්