චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(9) පස්වරුවේ බෙයිජිං හිදී ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez Pérez-Castejón මහතා හමුවිය.
හයවන Felipe රජුට තම සුබ පැතුම් ප්‍රකාශ කරන ලෙස ෂී ජින් පිං මහතා Castejón මහතාගේ ඉල්ලා සිටියේ ය. පසුගිය වසරේ චීනය සහ ස්පාඤ්ඤය එක්ව දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සමරනු ලැබීය. ලබන වසර චීනය සහ ස්පාඤ්ඤය අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් පිහිටුවීමේ 20 වැනි සංවත්සරයයි. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය ගෞරවනීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සහ එකිනෙකාට සමානව සැලකීමේ මුල් අභිලාෂය තහවුරු කළ යුතු බවත්, දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ සමකාලීන අර්ථය අඛණ්ඩව පොහොසත් කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය. දෙපාර්ශ්වයම දිගුකාලීන හා ස්ථාවර චීන-ස්පාඤ්ඤ සබඳතා ගොඩනගා ගත යුතු අතර, ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට යොමු කළ යුතු බව, හෙතෙම එහිදී කියා සිටියේ ය.
හයවන Felipe රජුගේ අවංක සුබ පැතුම්, Castejón මහතා ෂී ජින් පිං මහතා වෙත පිරිනැමීය. ස්පාඤ්ඤය චීනය සමග ඇති සබඳතාව උපායමාර්ගික ඉදිරි දැක්මකින් යුතුව දකින අතර, එකම චීනය යන ප්‍රතිපත්තියට දැඩිව අනුගත වේ. ස්පාඤ්ඤය චීනයේ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වීමට කැමැත්තෙන් සිටින බව, Castejón මහතා පැවසීය. ස්පාඤ්ඤය සහ චීනය අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරට ජනතාවගේ සුබසාධනය සඳහා මෙන්ම, ලෝක සාමය සහ සමෘද්ධිය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමටත්, ස්පාඤ්ඤය අපේක්ෂා කරන බව, ඔහු සඳහන් කළේ ය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි