චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිංගප්පූරු අගමැති Lawrence Wong මහතා හමු වෙයි. එම හමුව පේරු වේලාවෙන් 15වැනිදා ලීමා අගනුවරදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිණ.
ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, චීනය සහ සිංගප්පූරුව මිත්‍ර අසල්වැසියන් වන අතර වැදගත් සමීප හවුල්කරුවන් වන බවයි. ලබන වසරට චීන-සිංගප්පූරු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 35වැනි සංවත්සරය යෙදී ඇත. දෙරට අතර මිත්‍රත්වයේ ප්‍රධාන දිශානතිය වඩා හොඳින් ග්‍රහණය කර ගැනීමටත්, ඉහළ මට්ටමේ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටී. එසේම එකිනෙකාගේ මූලික අවශ්‍යතාවලට ගරු කරමින්, ගුණාත්මක සංවර්ධනය සඳහා වන නව පරිච්ඡේදයක් එක්ව ඇරඹීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා පැවසීය. සිංගප්පූරුව සමග එක්ව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතාව වැනි බහුපාර්ශ්වික ක්ෂේත්රවල සහයෝගීතා ශක්තිමත් කිරීමෙන්, සමාන හා ක්‍රමවත් ගෝලීය බහුධ්‍රැවීය ක්‍රමයක් සහ පොදු ප්රතිලාභ සහිත ආර්ථික ගෝලීයකරණයක් ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.
Lawrence Wong මහතා එහිදී කියාසිටියේ, සිංගප්පූරුව හා චීනය සමීප ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා ගෙන ඇති අතර, දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් සංවර්ධන වේගයක පවතින බවයි. චීනයේ Suzhou කර්මාන්ත උද්‍යානය පිහිටුවීමේ 30 වැනි සංවත්සරය දෙපාර්ශ්වයම එක්ව සමරන ලදි. තායිවාන ප්රශ්නය සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරය පිළිබඳ සිංගප්පූරුවට නිවැරදි අවබෝධයක් පවතී. ඕනෑම ආකාරයක “තායිවාන බෙදුම්වාදී බලවේගයකට” විරුද්ධ වන අතර, එකම චීනය මූලධර්මය සිංගප්පූරුව දැඩිව පිළිගන්නා බව Lawrence Wong මහතා අවධාරණය කළේ ය. චීනය සමග, ASEAN සහ APEC වැනි බහුපාර්ශ්වික ක්ෂේත්රවලදී සමීපව කටයුතු කිරීම සිංගප්පූරුවේ අපේක්ෂාවයි. එසේම, වෙළෙඳ ආරක්ෂණවාදයට එරෙහිව වෙළඳ හා ආයෝජන පහසුකරණය, කලාපීය ස්ථාවරත්වය සහ සංවර්ධනය තහවුරු කිරීමට චීනය සමග එක්ව කටයුතු කිරීමට සිංගප්පූරුව කැමැත්තෙන් සිටින බව සිංගප්පූරු අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි