චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් ආචාර්ය Henry Alfred Kissinger මහතා හමුවෙයි. හමුව ඊයේ (20) බෙයිජිං අගනුවර පිහිටි Diaoyutai රාජ්‍ය අමුත්තන්ගේ මන්දිරයේ දී පැවැත්විණ.
වසර 52 කට පෙර චීනය හා ඇමරිකාව අතර සබඳතා සන්ධිස්ථානගත අවස්ථාවකට පත් වූ බව ෂී ජින් පිං මහතා එහිදී පැවසුවේ ය. එකල මාඕ සේතුං සභාපතිවරයා සහ චෞ එන්ලයි අග්‍රාමාත්‍යවරයා, රිචඩ් නික්සන් ජනාධිපතිවරයා හා කිසිංගර් මහතා සමග එක්ව උපායමාර්ගික වශයෙන් දෙරට සහයෝගිතා ආරම්භ කළ බව ද හෙතෙම සිහිපත් කළේය. එමගින්, චීන-ඇමරිකානු සබඳතාව සාමාන්‍යකරණයට පත් වූ බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.
අනාගතයේ චීනයට හා ඇමරිකාවට පොදු සමෘද්ධියක් සාක්ෂාත් කළ හැකි වෙතැයි ෂී ජින් පිං මහතා මෙහිදී විශ්වාසය පළකළේය. මෙය, අන්‍යොන්‍ය ගරුත්වය, සාමකාමී සහජීවනය හා සහයෝගයෙන් යුතුව පොදු-ජයග්‍රාහී බව සාක්ෂාත් කිරීම යන මූලධර්ම තුන මත පදනම් විය යුතු ය. දෙරට සබඳතාව යථා තත්ත්වයට පත්කිරීමේ දී කිසිංගර් මහතාට මෙන්ම ඇමරිකාවේ සෙසු දේශපාලන ප්‍රවීණයන්ට සංවර්ධනාත්මක කාර්යභාරයක් තවදුරටත් ඉටු කළ හැකි බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී.
පවතින වත්මන් තත්ත්වය යටතේ, එකම චීනය යන මූලධර්මයේ අතිමහත් වැදගත්කම වටහා ගත යුතු බව Henry Alfred Kissinger මහතා මෙහිදී පැවසීය. දෙරට ජනතාව අතර අන්‍යොන්‍ය අවබෝධය පුළුල් කිරීම සඳහා ක්‍රියාකිරීමට සූදානම් බව ද හෙතෙම අවධාරණය කළේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි