චීන ජනාධිපතිවරයා Jiangxi පළාතේ Jiujiang නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (10) පස්වරුවේ චීනයේ Jiangxi පළාතේ Jiujiang නගරය නිරීක්ෂණ කළේය. ඔහු එහි යැන් සී ගංගා ජාතික සංස්කෘතික උද්‍යානයේ Jiujiang නගරික කොටසට හා චීන Sinopec සමාගමේ Jiujiang ශාඛා සමාගමට පැමිණ තිබේ.
යැන්සී ගංගා ජාතික සංස්කෘතික උද්‍යානයේ ඉදිකිරීම් සහ ගං ඉවුරු කලාපයේ ජෛව විවිධත්ව සංරක්ෂණය කෙරෙහි ෂී ජින් පිං මහතාගේ අවධානය යොමුවිය. යැන්සී ගංගා ජාතික සංස්කෘතික උද්‍යානයේ Jiujiang නාගරික කොටසේ ඉදිකිරීම් 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ආරම්භ කෙරිණ. “ප්‍රදේශයේ මහා පරිමාණ සංවර්ධනය වෙනුවට ඒකාබද්ධ සංරක්ෂණය කෙරෙහි අවධානය යොමුකිරීම” යන උපදෙස් අනුව, පිරිසිදු ජලය, හරිත ගං ඉවුර, සුන්දර දර්ශන, ජල සම්පත සහ මානවයන් එක්වන ස්වාභාවික පාරිසරික අවකාශයක් මෙහි නිර්මාණය කර ඇත. ජනතාවට හරිත පරිසරයක පවතින ගඟේ සුන්දරත්වය අත්විඳිය හැකිය.
චීන Sinopec සමාගමේ Jiujiang ශාඛා සමාගමට පැමිණි ෂී ජින් පිං ජනාධිපතිවරයා ඛනිජ රසායන ව්‍යාවසායන් හි සංවර්ධන ව්‍යුහය ඉහළ මට්ටමකට නැංවීම හා හරිත සංවර්ධනය පිළිබඳ තත්ත්වය විමසා බැලීය. මෑත වසර කිහිපය තුළ එම සමාගම බලශක්ති පිරිමැසීම හා කාබන් විමෝචනය අඩු කිරීම මනාව ප්‍රවර්ධනය කර හරිත හා අඩු කාබන් පරිවර්තනය කඩිනම් කර ඇත. එම සමාගම ජාතික හරිත කර්මාන්තශාලා, ජාතික බුද්ධිමය නිෂ්පාදන ආදර්ශන ව්‍යවසායන්, ප්‍රමිතින් ආදර්ශන ව්‍යවසායන් යන නම් කෙරිණ.2022 වසරේ එම සමාගම වසරක ටොන් ලක්ෂ 8.9 ක aromatic hydrocarbon ව්‍යාපෘතිය සම්පූර්ණ කර නිෂ්පාදනය අරඹා තිබේ. චීනය එම නිෂ්පාදන තාක්‍ෂණය ස්වාධීනව හිමි කරගත් තුන්වැනි රට බවට පත්වීම ද විශේෂත්වයකි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි