වර්තමාන චීනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධන අදියරට පිවිස තිබේ. පසුගිය 17 වනදා සිට 18 වනදා දක්වා බෙයිජිං හි පැවති චීන ජාතික ජෛව පරිසර ආරක්ෂක සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා “සුන්දර චීනය ”ගොඩනැඟීම පිළිබඳ වැදගත් පියවර ඉදිරිපත් කර ඇත.
මිනිසා හා සොබාදහම අතර සුසංයෝගී සහජීවනයේ සබැඳියාව මත, සංවර්ධන සැලසුම් කිරීමේ වැදගත්කම හෙතෙම පෙන්වා දුන්නේය. හරිත, අඩු කාබන් හා ප්රතිචක්රීයකරණ ආර්ථීක පද්ධතියක් ගොඩනගමින් සංවර්ධනය සඳහා සම්පත් හා පරිසර වියදම් ඵලදායිකව අඩු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.
කඳු, වනාන්තර, ගොවිතැන්,වැව්, තණබිම් සහ කාන්තාරය ඒකාබද්ධව ආරක්ෂා කරමින් සහ ක්රමානුකූල කළමනාකරණය කරමින් කඳු මුදුනේ සිට සාගරය දක්වා ආරක්ෂාව සහ කළමනාකරණයේ පූර්ණ රටාවක් ගොඩනැගිය යුතු ය. පිරිසිදු, අඩු කාබන්, සුරක්ෂිත මෙන්ම කාර්යක්ෂම බලශක්ති පද්ධතියක් ගොඩනැගිය යුතු ය. හරිත, අඩු කාබන් තාක්ෂණ ස්වයං ලෙස සංවර්ධනය කරමින් කෘත්‍රිම බුද්ධිමය තාක්ෂණය වැනි ඩිජිටල් තාක්ෂණ භාවිත කිරීම තහවුරු කර “සුන්දර චීනය” පිළිබඳ ඩිජිටල්කරණ පරිපාලන පද්ධතිය ගොඩනැගිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.
සමස්ත චීන ජනතාව මෙහෙයවා චීන පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂය නවීන ශක්තිමත් රටක් ගොඩනැගීමේ ක්‍රියාවලියේදී හරිත අඩු කාබන් මෙන්ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය, රටේ පරිපාලනයේ මූලික ප්‍රතිපත්තියක් ලෙස සලකන බව අදාළ පියවර මාලාව මගින් පිළිබිඹු වේ.සම්පත් සංරක්ෂණය කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීමේ අවකාශීය රටාවක්, කාර්මික ව්‍යුහයක්, නිෂ්පාදන ක්‍රමයක් සහ ජීවන රටාවක් ගොඩනැගීමට චීන පාලක පක්ෂය උත්සාහ දරමින් සිටී.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීන ජනතාව ගොඩනඟන චීන ලක්ෂණයන් සහිත නවීකරණය, බටහිර නවීකරණයට වඩා වෙනස් ලක්ෂණ සහිතය.එය පරිසරයට හානි කරන සාම්ප්‍රදායික කාර්මීකරණ මාවත අත්හැර දමා ඇත. එය පාරිසරික ප්‍රමුඛතාවය, හරිත සංවර්ධනය සහ මිනිසා සහ සොබාදහම අතර සුසංයෝගී සහජීවනයක් සහිත මාවතකි.”සුන්දර චීනය” යනු චීන ලක්ෂණයන් සහිත නවීකරණයේ විශේෂිත ස්වරූපයයි.
චීන ජනාධිපතිවරයාගෙන“සුන්දර චීනයක් ”ගොඩනැඟීම පිළිබඳ වැදගත් පියවර රැසක්

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි