“ ෂී ජින් පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උධෘත”නමැති වැඩසටහන් මාලාවේ තුන්වැනි කොටස විකාශය කෙරේ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව සහ චීන මාධ්‍ය සමූහය එක්ව නිෂ්පාදනය කළ එම වැඩසටහන් මාලාවේ තුන්වැනි කොටස ලබන 17 වැනි දා සිට චීන මාධ්‍ය සමූහයට අයත් රූපවාහිනි නාලිකා, වෙබ් අඩවි හා පරිගණක යෙදවුම් මගින් විකාශය කෙරේ.චීන ජනාධිපතිවරයා විවිධ අවස්ථාවල පවත්වන දේශන හා පළ කරන ලිපිවල අදහස් වඩාත් තීව්‍රකිරීම සඳහා චීන සම්භාව්‍ය කතා හා වදන් උපුටා දැක්වීම කැපීපෙනෙන ලක්ෂණයකි. “ ෂී ජින් පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උධෘත”වැඩසටහන් මාලාව, චීන සම්භාව්‍ය සාහිත්‍යය පදනම් කරගනිමින් වත්මන් යුගයට ගැලපෙන දැක්මක් තිළිණ කරන චීන ජනාධිපතිවරයාගේ චින්තනය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයකි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ