චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(6) නැගෙනහිර යුද කලාපයේ ආයතනයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. හෙතෙම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ මධ්‍යම හමුදා කොමිසම වෙනුවෙන්, නැගෙනහිර යුද කලාපයේ සියලුම නිලධාරීන්ට සහ සෙබළුන්ට සුභාශිංසනය පිරිනැමීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ප්රතිපත්තීන් ගැඹුරින් ක්‍රියාවට නැංවිය යුතු අතර, නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ හමුදාව ශක්තිමත් කිරීමේ චින්තනය සහ හමුදා මූලෝපායික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බව, ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය.
වර්තමාන ලෝකය කැලඹිලි සහ වෙනස්වීම්වල නව කාල පරිච්ඡේදයකට අවතීර්ණ වෙමින් සිටී. චීනයේ ආරක්ෂක තත්ත්වය කෙරෙහි අස්ථාවර සහ අවිනිශ්චිතභාවය වැඩි වෙමින් පවතී.
සැමවිටම සිය මෙහෙවර සහ කර්තව්‍යයන් මතකයේ තබා ගන්නා අතර, බිම් මට්ටමේ සිට කටයුතු මැනවින් කිරීමේ අවශ්‍යතාව ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. යුද කලාපයේ සිටින පක්ෂ කමිටු නායකයින්ට යුද්ධයට සූදානම් වීමේ හැකියාව වැඩි දියුණු කරන අතර, පක්ෂය සහ ජනතාව විසින් පවරන ලද කාර්යයන් මැනවින් සම්පූර්ණ කළ යුතු බව, ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය.
චීන ජනාධිපතිවරයා නැගෙනහිර යුද කලාපයේ ආයතනවල නිරීක්ෂණ චාරිකාවක

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්