චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සු චෞ නගරයේ නිරීක්ෂණයක නිරත වේ. හෙතෙම 5 සහ 6 දෙදින සු චෞ නගරයේ නිරීක්ෂණයක නිරත විය. එම නගරයේ කාර්මික කලාපයේ ප්‍රදර්ශන මධ්‍යස්ථානය, සීමාසහිත Huaxing Yuanchuang විද්‍යා තාක්ෂණ සමාගම, Pingjiang ඓතිහාසික හා සංස්කෘතික වීදි කලාපය යන ස්ථාන චීන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වී ඇත. එම ස්ථානවල රැඳී සිටිමින් හෙතෙම සු චෞ නගරයේ අධි විද්‍යා තාක්ෂණ කලාප සංවර්ධනය , ව්‍යවසායන්හි විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය සහ නගරයේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමින් යුත් ස්ථාන සුරැකුම් පිළිබඳව සොයා බැලීය.


More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්