අද (7) පෙරවරුවේ හෙතෙම ඊසානදිග චීනයේ Heilongjiang පළාතේ Shangzhi නගරයේ ගම්මානයකට ගියේ ය. ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් එහි කුඹුරු , ජන නිවාස සහ යටිතල පහසුකම් හානියට ලක්ව තිබේ. ෂී ජින් පිං ජනාධිපතිවරයා එම ගම්මානයේ සිදු වූ අලාභහානි පිළිබඳව ද සොයා බැලීය. එමෙන්ම ගම්වැසියන් අතරට ගොස් ඔවුන්ගේ සුව දුක් විමසීමට ද චීන ජනාධිපතිවරයා අමතක නොකළේය. ගං වතුර විපතින් සිදු වූ හානි අවම කර ගැනීමට දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරමින් මෙම දුෂ්කරතා ජය ගන්නැයි හෙතෙම එම ගම්වැසියන් දිරිමත් කළේ ය.



More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය