චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපති Mirjana Spoljaric Egger මහත්මිය හමුවෙයි. බෙයිජිං හි මහජන මහ ශාලාවේදී අද (5) සවස එම හමුව සිදුවිණ.
ගෙවුණු වසර 160 තුළ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඉටු කර ඇති මෙහෙවර ඉහළින් අගය කළ, ෂී ජින් පිං ජනාධිපතිවරයා කියාසිටියේ මානවවාදය විවිධ ශිෂ්ටාචාරයන් එක්තැන් කළ හැකි ඉහළම මතවාදය වන බවයි. චීන සාම්ප්‍රදායික සංස්කෘතිය මානුෂීය ගුණයන්ගෙන් සපිරි බවත්, එය ජාත්‍යන්තර රතු කුරුස ව්‍යාපාරයේ අභිප්‍රායට අනුකූල වන බවත්, හෙතෙම එහිදී පැවසීය. චීනය ජාත්‍යන්තර මානුෂීය ව්‍යායාමයේ සක්‍රිය ආධාරකරුවෙක්, සාමාජිකයෙක් සහ දායකයෙකි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සමග එක්ව සමස්ත මානවයාගේ සාමය හා සංවර්ධනය වෙනුවෙන් ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනය බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

49වන Nightingale සම්මානයෙන් පිදුම් ලැබූ වැඩිම පිරිසක් නියෝජනය කරන රට වන්නේ චීනයයි. ඒ පිළිබඳ සුබ පතමින්, Mirjana Spoljaric Egger මහත්මිය කියාසිටියේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ ජගත් ප්‍රජාව චීනය ඉටු කර ඇති මානුෂීය මෙහෙවර ඉහළින් අගය කිරීම එමගින් පිළිබිඹු වී ඇති බවයි. ඉදිරියේදී චීනය සමග වඩාත් සහයෝගී සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපතිවරිය එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය