2023 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය මේ දිනවල බෙයිජිං හිදී පැවැත්වේ. 2012 වසරේ සිට සෑම වසරකම චීනය පවත්වන මෙම ප්‍රදර්ශනයට එක්වීම සඳහා ජගත් ප්‍රජාවේ ඉහළ සහභාගිත්වයක් වාර්තා වේ.
මූල්‍ය සේවා, ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා, තැපැල් හා කුරියර් සේවා, විදුලි සංදේශ සේවා, අධ්‍යාපන සේවා, සංචාරක සේවා, පාරිසරික සේවා, සෞඛ්‍ය සහ සමාජ සේවා ඇතුළුව ලෝක වෙළඳ සංවිධානය විසින් අර්ථ දක්වා ඇති සේවා වෙළඳාමේ කාණ්ඩ 12 ක් ඊට ඇතුළත්ය. එම කාණ්ඩ 12න් යුත් සේවා වෙළඳාම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට දැඩි ලෙස සම්බන්ධයි. මේ වන විට සේවා කාර්මාන්තය ගෝලීය ආර්ථිකයේ ප්රමුඛ කොටසක් බවට පත්ව තිබේ.
ගෙවුණු වසර 45 තුළ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චීනය රට තුළ විශාල පෙරළියක් සිදු කර ඇත.එයින් ලෝකයටත් සෙත සැලසී තිබේ. සේවා වෙළඳාම ක්ෂේත්රයේත් චීනය සිටින්නේ ඉදිරියෙනි. ගත වූ වසර 15 තුළ චීනයේ සේවා වෙළඳ ආනයනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගෝලීය සේවා වෙළඳ ආනයනයේ 10.4%ක වර්ධනය වෙනුවෙන් චීනය දායක වී ඇතැයි සංඛ්‍යා ලේඛනවල සඳහන් ය.
පසුගිය 2වැනි දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2023 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවයට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. එහිදී හෙතෙම කියා සිටියේ ඉහළ මට්ටමේ විවෘතභාවය වඩාත් ඉදිරියට ගෙන යමින් විවිධ රටවල් සහයෝගිතාව පැවැත්වීමට චීනය නව අවස්ථා ලබාදීමට කැමැත්තෙන් සිටින බවයි. ඒ සඳහා චීනය පියවර රැසක් ගැනීමට සූදානමින් සිටී. සියලු රටවල් වෙත විවෘත වන ඉහළ ප්‍රමිතියෙන් යුත් නිදහස් වෙළඳ කලාප ජාලයක් පුළුල් කිරීම, විදුලි සංදේශ,සංචාරක, නීති, වෘත්තීය විභාග ඇතුළු සේවා ක්ෂේත්‍ර වඩාත් විවෘත කිරීම, චීන සේවා වෙළඳ පොලට ප්‍රවේශ වීමේ සීමා ලිහිල් කිරීම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක්ව සිටින රටවල් සමග සේවා වෙළඳ හා ඩිජිටල් වෙළඳ සහයෝගිතා ශක්තිමත් කිරීම එම පියවර අතර කැපී පෙනේ.
More Stories
සමාගම් ක්‍රියාත්මක කිරීම හා මිළදී ගැනීම් සම්බන්ධයෙන් වෙළඳපල මූලධර්ම මත පදනම්ව ක්‍රියා කළ යුතු බව චීනය පවසයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි
චීනයේ විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ ඇතුළු නියෝජිතයන් සමග චීන ජනපති වසන්ත උත්සවය පිළිගැනීමේ අවස්ථාවකට එක්වෙයි