පාකිස්ථානයේ Karachi හි Jinnah ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්රිත ව එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් චීන ජාතිකයන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂා කරන ලෙස චීනය පාකිස්ථානයෙන් ඉල්ලයි.
එම ප්‍රහාරය පසුගිය දා(06) රාත්‍රි 11ට පමණ එල්ල විය. එම අවස්ථාවේ එරට Qasim ගල්අඟුරු විදුලි බලාගාරයට අයත් චීන සමාගමක මෝටර් රථයක ගමන් කළ චීන හා පාකිස්ථාන පුද්ගලයන්ට හානි සිදු ව තිබේ. ඒ අතරින් චීන ජාතිකයන් දෙදෙනෙක් මිය ගිය අතර, තවත් අයෙක් තුවාල ලැබීය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් මෙම සිද්ධිය චීනය දැඩි ලෙස හෙළා දකින බව පැවසීය. ප්‍රතිකාර කිරීමේ හා පශ්චාත් කාර්යයන් නිසි ලෙස ඉටු කරන ලෙසත් පුළුල් පරීක්ෂණයක් සිදු කර නීත්‍යනුකූල අයුරින් අපරාධකරුවන්ට එරෙහිව දඬුවම් පනවන ලෙසත් චීනය පාකිස්ථානයෙන් ඉල්ලා සිටී. චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය හා පාකිස්ථානයේ සිටින චීන ජාතිකයන්ගේ ආරක්ෂාව උපරිමෙන් සහතික කරන ලෙස ද චීනය පාකිස්ථානයෙන් ඉල්ලීමක් කර ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි