චීනයේ ජාතික ධාන්‍ය සංචිත කාර්යය සමුළුව සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය සංවර්ධනය සහ දූෂණ විරෝධී කාර්යය සමුළුව ඊයේ(20) පැවැත්විණ.
සීමාසහිත චීන ධාන්‍ය සංචිත කළමනාකරණ කණ්ඩායම හෙවත් Sinograin සමාගම, ඩිජිටල් පරිවර්තන උපායමාර්ගික පිරිසැලසුම වේගවත් කිරීම මගින්, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා සිය තොරතුරු තාක්ෂණ හැකියාවන් අඛණ්ඩව වැඩිදියුණු කරයි.
පසුගිය වසරේ, Sinograin සමාගමේ සෘජු අනුබද්ධිත ධාන්‍යාගාරය “තාක්ෂණික ආරක්ෂන සහ පාලන” තොරතුරු ඉදිකිරීම් ව්‍යාපෘතියේ පූර්ණ ආවරණය ලබා ගෙන ඇති අතර, ශාඛා ධාන්‍යාගාර ද ප්‍රවර්ධනය සහ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ ය. මෙම සමාගම ධාන්‍ය මිලදී ගැනීම් සහ විකුණුම් ක්ෂේත්රයේ දූෂණ ගැටළු පිළිබඳ විධිමත් ලෙස විසඳන අතර, සංචිත ආධාරක හැකියාවන් ගොඩනැගීම ද වේගවත් කළේ ය. එසේම Sinograin සමාගම සමස්ත ධාන්‍ය පාලනයේ කර්තව්‍යයන් ඉටු කිරීමෙන්, කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සහ ගොවීන්ට ප්රතිලාභ ලබා දීමේ මිලදී ගැනීමේ ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම මෙන්ම නිෂ්පාදනය සහ ආදායම වැඩි කිරීම ප්‍රවර්ධනය කර තිබේ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය