14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 11 වැනි සභාපති කවුන්සිලයේ රැස්වීම පැවැත්වේ. ඒ ඊයේ(29) චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම සැසිවාරයේ දී කෙටුම්පත් පිළිබඳ වාර්තාවලට සවන්දීම මෙන්ම ඇතැම් කෙටුම්පත්හී සමාලෝචනයට අදාළ නිර්දේශයන් ද අවධානයට ලක්විය. සාකච්ඡා මත පදනම්ව, නිල කෙටුම්පත් ලේඛනවලට සංශෝධන ද එහිදී ඉදිරිපත් කෙරුණු අතර, නීතිමය තීරණ කෙටුම්පත් ද සකස් කෙරිණ.
යාවත්කාලීන කරන ලද නිල ලේඛන සමාලෝචනය සඳහා චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ මේ දිනවල පවත්වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට ද එම රැස්වීමේ දී තීරණය කර තිබේ.
More Stories
රටේ වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ සහ පුහුණු ශ්‍රමිකයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාව චීන අගමැති අවධාරණය කරයි
හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට චීන අගමැති එක්වෙයි
සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් යළි පෘථිවියට