ඇමරිකා රාජ්‍යතාන්ත්‍රිකයන් හා මාධ්‍යවේදීන් චීන ටිබෙට් ස්වායත්තයට ප්‍රවේශ වීම චීනය ප්‍රතික්ෂේප කළ බව ඇමරිකා රාජ්‍ය ලේකම් Marco Rubio මෑතකදී ප්‍රකාශ කළේය. එබැවින් විදේශිකයන් ටිබෙට් ස්වායත්තයට ප්‍රවේශවීම සීමා කිරීමේ ප්‍රතිපත්තිය සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සිදු කරන චීන නිලධාරීන් වෙත ඇමරිකාව වීසා සීමා කරන බව Marco Rubio සඳහන් කර ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Shengkun මහතා පැවසුවේ චීන අභ්‍යන්තර කටයුතුවලට ඇමරිකාව මැදිහත් වීම, ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සබඳතා මූලධර්මවලට පටහැනි වන බවයි. ඊට චීනය දැඩි විරෝධය පළ කරන අතර ටිබෙට් ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය පොරොන්දු පිළිපදින ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
ටිබෙට් ස්වායත්තයට විදේශිකයන් ප්‍රවේශ වීම සීමා කිරීමේ කිසිදු රෙගුලාසියක් නොමැති බව Guo Shengkun මහතා කියාසිටියේය. එහි විශේෂ භෞමික හා දේශගුණික සාධක හේතුවෙන් විදේශිකයන් ටිබෙට් ස්වායත්තයට ප්‍රවේශවීම පිළිබඳ චීන රජය නීත්‍යනුකූලව අවශ්‍ය පියවර ගනී. ඇමරිකාවේ මෙම අවිධිමත් ක්‍රියාවට එරෙහිව චීනය ද ප්‍රතිපියවර ගනු ඇති බව Guo Shengkun මහතා අවධාරණය කර ඇත.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්