පකිස්ථානයේ ක්වෙටා නගරයේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයකකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 4 දෙනෙක් මියගොස් තවත් 12 දෙනෙක් තුවාල ලබා තිබේ.
මෙම බෝම්බ ප්‍රහාරය පකිස්ථානයේ චීන තානාපතිවරයා ඉලක්ක කරගෙන එල්ල වූ බවට සැක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන තානාපතිවරයා මේ වනවිට පකිස්ථානයේ බැලොකිස්තාන ප්‍රාන්තයේ අගනගරය වන ක්වෙටා හි සංචාරයක නිරතව සිටින අතර ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට තනාපතිවරයා ඇතුළු දූත පිරිස හෝටලයේ රැඳී නොසිටි බව වාර්තා වේ.
විදෙස් ජාතිකයින් බහුලව ගැවසෙන එම සූඛෝපභෝගී හෝටලයේ වාහන අංගනය ආශ්‍රිතව මෙම පිපිරීම සිදු කර ඇත.
මෙම පිපිරීම සම්බන්ධයේන් තලේබාන් සංවිධානය බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි