තායිවාන කලාපයේ මැතිවරණය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අවධාරණය කළා ය. ඇය අද(15) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, මැතිවරණ ප්‍රතිඵල කෙසේ වුව ද, ලෝකයේ ඇත්තේ එකම චීනයක් සහ තායිවානය චීනයේ කොටසක් යන මූලික සත්‍ය කිසිදා වෙනස් කළ නොහැකි බවයි.
තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම එක් චීනයකට අයත් වන අතර, තායිවානය චීනයේ භූමියේ කොටසක් බව, Mao Ning මහත්මිය අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් යළි අවධාරණය කර ඇත. තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස තවම යළි ඒකාබද්ධ වී නොමැති වුවද, චීනයේ ස්වෛරීත්වය සහ භූමිය කිසි විටෙක බෙදී නොමැත. තායිවානය චීන භූමියේ කොටසක් වන නීතිමය තත්ත්වය කිසි විටෙකත් වෙනස් වී නොමැති අතර තායිවාන සමුද්‍ර සන්ධියේ ප්‍රශ්නයේ සැබෑ තත්වය මෙයයි. එකම චීනය යන මූලධර්මය, චීනය හා ලෝකයේ සෙසු රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කිරීමට සහ සංවර්ධනය කිරීමට දේශපාලන පදනමයි. මෙය ජාත්‍යන්තර ප්‍රජාවගේ පොදු එකඟතාවය වන බව, Mao Ning මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය