චීන තායිවානය පිළිබඳ මෑතකදී පිලිපීන ජනාධිපතිවරයා හා එරට ආරක්ෂක අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කළාය. එකම චීනය මූලධර්මය රතු රේඛාවක් පමණක් නොව පහළ රේඛාවක් බව ඇය එහිදී සඳහන් කළාය. චීන තායිවාන ප්රශ්නය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් ප්රකෝපකාරී ක්‍රියා සිදු කළහොත් චීනය අනිවාර්යෙන්ම එයට දැඩි ප්‍රතිචාර දක්වනු ඇති බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.
චීනයේ මූලික ප්රතිලාභවල හරය වන චීන තායිවාන ප්රශ්නය, සියළු චීන ජාතිකයන්ගේ හැඟීම් කෙරෙහි ද බලපායි. පිලිපීන පාර්ශ්වයේ ප්‍රකාශය චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමකි. චීනය සිය ස්ථීර ස්ථාවරය පැහැදිලි කිරීම, සාධාරණ මෙන්ම අවශ්‍ය ක්‍රියාවක් බව Mao Ning මහත්මිය එහිදී අවධාරණය කළාය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය