චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ (31) ආරාධනාවකට අනුව දකුණු කොරියානු විදේශ අමාත්‍ය Park Jin මහතා සමග දුරකථන සාකච්ඡාවක් පවත්වා ඇත.
දකුණු කොරියාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය අඛණ්ඩව සහ ස්ථාවරව පවත්වා ගෙන යන බවත්, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට අභ්‍යන්තර ගාමක බලයක් අවශ්‍ය බවත්, නොවැළැක්විය හැකි සාධක සහ තුන්වන පාර්ශ්වයක බලපෑම් කිසිවිටක නොතිබිය යුතු බවත් එහිදී Wang Yi මහතා ප්‍රකාශ කර ඇත.
චීනය සහ දකුණු කොරියාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමේ මුල් අරමුණ සමග බැඳී සිටිය යුතු අතර මිත්‍රශීලී සහයෝගීතාවය පවත්වා ගැනීම වෙනුවෙන් සක්‍රීයව කටයුතු කළ යුතුය. එමෙන්ම දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය අවබෝධය අඛණ්ඩව වැඩි දියුණු කර ගත යුතු අතර විවිධ බාහිර සාධකවල අනවශ්‍ය මැදිහත්වීම්වලින් ආරක්ෂා විය යුතුය. දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවක් පවත්වා ගැනීම වෙනුවෙන් මතවාදී ගැටුම්වලින් වැළකී, ස්ථාවරත්වය සඳහා ඒකාබද්ධව ගමන් කිරීමේ අවශ්‍යතාව ද Wang Yi මහතා අවධාරණය කර ඇත.
දකුණු කොරියානු පාර්ශ්වය චීනය සමග උසස් මට්ටමේ සබඳතා වැඩි දියුණු කර ගනිමින්, අන්‍යොන්‍ය හුවමාරුව සහ අවබෝධය වැඩිදියුණු කර ගනිමින් සහ වඩා උසස් මට්ටමේ සක්‍රීය දකුණු කොරියානු-චීන සබඳතාවක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව එහිදී Park Jin මහතා පවසා ඇත.
නිෂ්පාදන හා සැපයුම් දාමයේ ඇති ගැටලුව සම්බන්ධයෙන් නිශ්චිත ලෙස යම් රටක් ඉලක්ක කර ගනිමින් කුමන ආකාරයේ හෝ විසංයෝජනයක් කිරීමට දකුණු කොරියාවට කිසිදු අදහසක් නොමැති බව ද දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා එම දුරකථන සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.
More Stories
සමාගම් ක්‍රියාත්මක කිරීම හා මිළදී ගැනීම් සම්බන්ධයෙන් වෙළඳපල මූලධර්ම මත පදනම්ව ක්‍රියා කළ යුතු බව චීනය පවසයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි
චීනයේ විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ ඇතුළු නියෝජිතයන් සමග චීන ජනපති වසන්ත උත්සවය පිළිගැනීමේ අවස්ථාවකට එක්වෙයි