චීනය හා ප්‍රංශය සබඳතා හා සහයෝගතා තවදුරටත් ප්‍රවර්ධනයට අවධානය යොමු කරයි. චීන උප අග්‍රාමාත්‍ය හ ලිෆෙනග් සහ ප්‍රංශ ආර්ථික,මුදල් ,කර්මාන්ත හා ඩිජිටල් ස්වෛරීත්ව අමාත්‍යවරයා ගේ සම සභාපතිත්වයෙන් බෙයිජි හි ඇරඹි නව වන චීන ප්‍රංශ උසස් මට්ටමේ ආර්ථික හා මූල්‍ය සංවාදයේදී මේ බව සඳහන් කෙරිණ.දෙරටේ රාජ්‍ය නායකයන් ගේ උපාය මාර්ගික මාර්ගෝපදේශයන් යටතේ චීන ප්‍රංශ ආර්ථික හා වෙළඳ සබඳතා කැපීපෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව චීන උප අගමැතිවරයා එහිදී පැවසීය. ප්‍රංශය සමග ප්‍රතිපත්තිමය සංනිවේදනය,ප්‍රායෝගික සහයෝගතා පුළුල් කිරීම,ජාත්‍යන්තර හා පොදු කාරණවලදී සම්බන්ධීකරණය ඉහළ නැංවීම,චීන ප්‍රංශ පරිපූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාම සඳහා චීනය සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.එහිදී අදහස් දැක්වූ ප්‍රංශ අමාත්‍යවරයා චීනය සමග ආර්ථික මුදල හා ද්වීපාර්ශ්වික සහයෝගතා තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රංශය අපේක්ෂා කරන බව පැවසීය.
චීන- ප්‍රංශ සහයෝගිතා තවදුරටත් ඉහළ නැංවීමට පියවර

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්