චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පින්ලන්තයේ ජනාධිපති Sauli Niinisto මහතා වීඩියෝ ආකාරයෙන් හමු වෙයි. හමුව අද(10) සවස බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී සිදු කෙරිණ.
ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේ පින්ලන්තය චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කළ මුල් බටහිර රටවලින් එකක් බවයි. පින්ලන්තය කලක සිට චීනය පිළිබඳ සුහද ප්‍රතිපත්තිය අනුගමනය කිරීම තම පැසසුමට ලක් වන බව ද හෙතෙම පැවසීය.
චීනය සිය මාදිලියේ නවීකරණය ඔස්සේ බලවත් රටක් ලෙසට ගොඩනංවමින් හා ජාතියේ පුනරුදය පූර්ණ ව තහවුරු කරමින් සිටී. පින්ලන්තය සමග එක්ව සංවර්ධන අවස්ථා බෙදා ගනිමින් අනාගතය උදෙසා නවාකාරයේ සහයෝගිතා හවුල්කාරීත්වය තව තවත් තර කිරීමට චීනය කැමැත්තෙන් පසුවෙයි. වර්තමානයේ පවතින කැළඹිලි සහිත ජාත්‍යන්තර තත්ත්වයන් හමුවේ චීන-යුරෝපා සබඳතාව සඳහා වන උපායමාර්ගික භාවය හා ලෝකයට ගෙන දෙන බලපෑම් පෙරට වඩා ඉස්මතු වී ඇත. පින්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් සමග එක්ව දූරදර්ශී දැක්මෙන් දෙපාර්ශ්වයේ සබඳතාව මැනවින් වර්ධනය කර සාමූහික සංවර්ධනයක් සාක්ෂාත් කරගැනීමට චීනය සූදානම් බව ද ජනාධිපති ෂී ජින්පිං මහතා සඳහන් කළේ ය.
තමා හා ෂී ජින්පිං මහතා එක්ව ප්‍රකාශයට පත් කර ඇති අනාගතය උදෙසා වන පින්ලන්ත-චීන නවාකාරයේ සහයෝගිතා හවුල්කාරීත්වය ප්රශස්ත අයුරින් වර්ධනය වී තිබීම පිළිබඳව Sauli Niinisto මහතා එහිදී ප්‍රසාදය පළ කළේ ය. එමගින් දෙරටේ විවිධ ක්ෂේත්රවල සක්‍රීය ප්‍රගතියක් ද හිමි කරගෙන ඇත. චීනය සමග එක්ව සහයෝගිතා තහවුරු කරමින් පින්ලන්ත-චීන සබඳතාව මෙන් ම යුරෝපා-චීන සබඳතාව ද තව දුරටත් නව සංවර්ධනයක් කරා ගමන් කිරීමට තම රට දායක වනු ඇති බව ද පින්ලන්ත ජනාධිපති Sauli Niinisto මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය