චීන ජනාධිපති ආර්යා, ආචාර්ය Peng Liyuan මහත්මිය පින්ලන්ත ජනාධිපති ආර්යා Suzanne Innes-Stubb මහත්මිය සමග සුහද පිළිසඳරක නිරත වෙයි. ඒ ඊයේ(29) පස්වරුවේ බෙයිජිං හිදී ය. Suzanne මහත්මිය ජනාධිපති Alexander Stubb මහතා සමග චීනයේ නිල සංචාරයක නිරත වීම සඳහා බෙයිජිං නුවරට පැමිණ සිටී.
Peng Liyuan මහත්මිය එහිදී පැවසුවේ එළඹෙන 2025 වසරට චීනය හා පින්ලන්තය අතර රාජ්යතාන්ත්රික සබඳතාව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය යෙදෙන බවයි. කලාව, අයිස් ක්රීඩා ඇතුළු විවිධ ක්ෂේත්රවල හුවමාරු හා සහයෝගීතා පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි ඇය අපේක්ෂා පළ කළාය. Suzanne මහත්මිය සමාජ සේවා හා සම්බන්ධ ක්රියාකාරකම් වෙනුවෙන් සක්රිය ලෙස පෙනී සිටීම ඉහළ පැසසුමට ලක් කළ Peng Liyuan මහත්මිය, චීනයේ එම ක්ෂේත්රවල ප්රගමනය පිළිබඳ හඳුන්වා දුන්නාය. එහි ප්රායෝගික අත්දැකීම් බෙදා ගනිමින් දෙරට ජනතාවගේ සුබසිද්ධිය තවදුරටත් සහතික කිරීමට අපේක්ෂා කරන බව ද Peng Liyuan මහත්මිය එහිදී සඳහන් කළාය.
බොහෝ කලක සිට Peng Liyuan මහත්මිය ලෝකයේ කාන්තාවන් මෙන්ම දරුවන් වෙනුවෙන් සිදු කළ අගනා කාර්යභාරය Suzanne මහත්මියගේ ඉහළ ඇගයීමට ලක් වූවාය. මානව හුවමාරු ඇතුළු විවිධ ක්ෂේත්රයන් හි මිත්ර හුවමාරු තහවුරු කරමින් දෙරට මිතුදම තවදුරටත් ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දීමට තමා සූදානම් බව ද Suzanne මහත්මිය එහිදී සඳහන් කර ඇත.
More Stories
චීන-බ්රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්රසීල සංචාරය
වීසා රහිත ප්රතිපත්තිය ක්රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්