චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ඊයේ (27) චීන පොදු ප්‍රජාව පිළිබඳ සංකල්පය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාමූහික අධ්‍යයනයක නිරත වූහ. ඒ, චීන ජනාධිපති, පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම් ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී චීන සමාජ විද්‍යා ඇකඩමියේ ජනවාර්ගික හා මානව විද්‍යා පර්යේෂණ ආයතන ප්‍රධානියා අදාළ කරුණු පැහැදිලි කර තිබේ. එමෙන්ම අධ්‍යයනයට එක්වූ සියලු සාමාජිකයන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණ.
ඉන් අනතුරුව ෂී ජින් පිං මහතා වැදගත් දේශනයක් සිදු කර ඇත. අතීතයේ සිටම චීනයේ විවිධ ජාතීන් එක්ව දීප්තිමත් චීන ශිෂ්ටාචාරයක් නිර්මාණය කර ඇත. ජාතීන් පිළිබඳ කරුණු හා විවිධ ජාතීන් අතර සබඳතා කෙරෙහි චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව ඉහළ අවධානයක් යොමු කරන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසුව, රටේ සියලු ජාතීන් නියෝජනය කරන ජනතාව චීන ලක්ෂණවලින් යුත් නවීකරණයෙන් ශක්තිමත් රටක් ගොඩනැගීමේ නව යුගයට ප්‍රවේශ වී ඇත. නවීන හා බලගතු සමාජවාදී රටක් පූර්ණ ලෙස ගොඩනැගීම සඳහා, කිසිදු ජාතියක් පසුපසට ගමන් නොකළ යුතුය. පොදු ඉරණමක් සහිත චීන පොදු ප්‍රජාව පිළිබඳ සංකල්පය සියලු ජාතීන් අතර ශක්තිමත් කළ යුතුය. එම සංකල්පය පුළුල් කිරීම හා නව යුගයේ පක්ෂයේ ජාතීන් පිළිබඳ කටයුතුවලදී උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පක්ෂයේ සහ සියලු ජනවාර්ගික කණ්ඩායම්වල පොදු මෙහෙයුමක් බව ෂී ජින් පිං මහතා අවධාරණය කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි