චීන-මධ්‍යම ආසියානු සමුළුව පොදු ඉරණමක් සහිත සමීප චීන-මධ්‍යම ආසියා ප්‍රජාවක් ගොඩනැගීමේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක් බව චීනය පවසයි
චීන-මධ්‍යම ආසියා සමුළුව මධ්‍යම ආසියානු රටවල් සමඟ චීනයේ සබඳතා ඉතිහාසයේ සන්ධිස්ථානයක් පමණක් නොව, රටවල් හයට සහ තම ජනතාවට පොදු ඉරණමක් සහිත වඩාත් සමීප චීන-මධ්‍යම ආසියා ප්‍රජාවක් ගොඩනැගීමේ ප්‍රධාන අවස්ථාවකි. මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේ විචිත්‍රවත් පුරුද්දක් වන එය ධනාත්මක ආදර්ශයක් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin ඊයේ (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවෙදී පැවසීය.
2022 ජනවාරි මාසයේදී, චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 30 වැනි සංවත්සරය සනිටුහන් කරමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ සමුළුවක මුලසුන දැරීය. සමුළුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පොදු , ඉරණම සහිත චීන-මධ්‍යම ආසියාවේ ප්‍රජාවක් ගොඩනැගීමේ අධිෂ්ඨානය ප්‍රකාශ කර තිබේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි