චීන සාම්ප්‍රදායික මැද සරත් සෘතුවේ උත්සවය සහ චීන ජාතික දිනය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (28) චීනයේ මහජන ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සහ රට වෙනුවෙන් දිවි පිදූ විරුවන්ගේ දරුවන්ට පිළිතුරු ලිපියක් යොමු කළේය. එහිදී ජනාධිපතිවරයා විරුවන්ගේ පවුල්වලට සුබ පැතුම් පිරිනැමීය.
ෂී ජින් පිං මහතා එම ලිපියෙන් කියාසිටියේ එම දරුවන්ගේ පියවරුන් සිය ජීවිතය රට වෙනුවෙන් පුද කළ බවත් ඔවුන්ගේ ආත්මය සෑමවිටම සිහිපත් කර ඉදිරියට ගමන් කළ යුතු බවයි. එම වීරෝදාර පියවරුන් ආදර්ශයට ගෙන රටටත් ජනතාවටත් සේවය කිරීමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට සහ වෙහෙස මහන්සි වී ශක්තිමත් රටක් ගොඩනගමින් ජාතික ප්රබෝධයේ මහඟු මෙහෙවරට ක්‍රියාකාරීව දායක වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.
චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ සිට, රට පුරා මහජන ආරක්ෂක ආයතනවල පොලිස් නිලධාරීන් 17,000 කට වැඩි පිරිසක් රාජකාරියේ යෙදී සිටියදී මිය ගොස් ඇති අතර, ඉන් 3,700 කට වැඩි පිරිසක් දිවි පිදූවන් ලෙස නම් කර ඇත. මෑතකදී චීනයේ මහජන ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විරුවන්ගේ දරුවන් 8 දෙනෙකු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමු කරමින්, විශ්වවිද්‍යාල අධ්‍යාපන ජීවිතය සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳ සඳහන් කර ඇත. එමෙන්ම සිය පියවරුන්ගේ උරුමය සුරැකීමට සහ සුරක්ෂිත චීනයක් නිර්මාණය කිරීමට ඇති අධිෂ්ඨානය පිළිබඳව ද එහිදී ප්‍රකාශ කර තිබේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි