චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසියේ කාර්යභාරය

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිය ඇර‍ඹේ. ඒ අද(04) සවස 3ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ය. ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික, පාරිසරික සම්පත් ඇතුළු ක්ෂේත්‍ර 34ක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 2100කට වැඩි පිරිසක් ඊට එක්ව සිටිති.

චීන මහජන දේශපාලන උපදේශක සභාව යනු චීනයේ ප්‍රධාන දේශපාලන ක්‍රමයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සෙසු දේශපාලන පක්ෂ 8, විවිධ මහජන කණ්ඩායම්, ඒ ඒ සුළු ජාතීන් හා විවිධ ක්ෂේත්‍රයන්හි නියෝජිතයන් රටේ ප්‍රධාන ප්‍රතිපත්තීන් හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් ව සාකච්ඡා කිරීමේ ක්‍රමය ද මෙයයි.

ඒ ඒ පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා, සහභාගීත්වය හා දායකත්වය උදෙසා වැඩි ඉඩක් ලබා දෙමින්, වෙනස් ක්ෂ්‍රේතයන් හි  ජනතාව අතර සංනිවේදන හා සහයෝගිතා තහවුරු කළ හැකිවීම මෙහි විශේෂත්වයකි.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ සෑම ජාතික කමිටුවකම නිල කාලය වසර 5කි. වාර්ෂික ව එහි සැසියක් ද පැවැත්වෙයි. මෙවර වාර්ෂික සැසිය, එනම් 14 වැනි ජාතික කමිටුවේ 3වැනි සැසියේ දී එහි සාමාජිකයෝ, රටේ පූර්ණ ප්‍රතිසංස්කරණය, ඉහළ මට්ටමේ සංවර්ධනය, චීන මාදිලියේ නවීකරණය ඇතුළු කටයුතු තවදුරටත් සාර්ථකව ඉදිරියට කර ගෙන යාම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com