චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ඊයේ(28) රාත්‍රියේ බෙයිජිං හිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක්වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය. චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. චීන මහජන සමූහාණ්ඩුවේ උපන්දිනය සැමරීමේ මෙම අවස්ථාවට දෙස් විදෙස් අමුත්තෝ 800 දෙනෙක් පමණ එක්වූහ.
ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, නව චීනය පිහිටුවීමේ වසර 74 තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, රට පුරා සිටින සියලුම ජනවර්ගවල ජනතාව සාමුහිකව වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමෙන්, විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගෙන ඇති බවයි.
නව ගමනේදී චීනයට හොඳ අනාගතයක් ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය. එකමුතුකම අපගේ ශක්තිය වන අතර විශ්වාසය රන්වලටත් වඩා වටී. එහෙයින් අප විශ්වාසය ශක්තිමත් කර ගනිමින් පවතින දුෂ්කරතා අඛණ්ඩව ජය ගත යුතු බවත්, ශක්තිමත් රටක් ගොඩනැගීමේ සහ ජාතික පුනර්ජීවනය ළගා කර ගැනීමේ උදාර ඉලක්කය කරා නොසැලී ඉදිරියට යා යුතු බවත්, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි