එළඹෙන චීන සාම්ප්‍රදායික නව වසර නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන සංස්කෘතික ප්‍රසංගයේ ප්‍රචාරක වීඩියෝ පට ඇමරිකාවේ සිනමාහල්වල විකාශය කෙරේ.
ඇමරිකාවේ මහා පරිමාණ සිනමාහල් ජාලයන් වන AMC සහ Regal සිනමාහල්වල එම වීඩියෝ පට ඉකුත් 2 වැනිදා සිට විකාශය අරඹා ඇත. ඒ අනුව, රට පුරා සිනමා තිර සහ ඉලෙක්ට්‍රොනික තිර 1,169 ක 60,000 වාරයකට වඩා එම වීඩියෝපට විකාශය කෙරෙනු ඇත.
ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක්, වොෂින්ටන්, සැන් ෆ්‍රැන්සිස්කෝ, චිකාගෝ, බොස්ටන්, හූස්ටන් සහ ඩලාස් යන ඇමරිකාවේ ප්‍රධාන නගර අටේම පිහිටි සිනමාහල්වල එම වීඩියෝ පට විකාශය කිරීම විශේෂත්වයකි.

More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්