එළඹෙන 2025 වසන්ත උත්සවය වෙනුවෙන් පැවැත්වෙන රාත්‍රී ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ. චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය සඳහා චීන මාධ්‍ය සමූහය රාත්‍රී ප්‍රසංගයක් සංවිධාන කිරීම සිරිතකි. එම ප්‍රසංගයේ පළමු පෙරහුරුව ඊයේ (05) පැවැත්විණ.
මෙවර රාත්‍රී ප්‍රසංගය, ඉකුත් දෙසැම්බර් මාසයේ චීන වසන්ත උත්සවය යුනෙස්කෝ සංවිධානය විසින් අස්පර්ශ සංස්කෘතික උරුම නාම ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් පසු පැවැත්වෙන පළමු වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය වීම විශේෂත්වයකි. වැඩසටහන් විවිධාංගීකරණය, නව තාක්ෂණ භාවිතයන් සහ නිර්මාණශීලි වේදිකා සැලසුම් සහිත මෙවර වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, විවිධ අස්පර්ශ සංස්කෘතිකාංගවලින් ද පොහොසත් ය. එමගින් චීන සාම්ප්‍රදායික සංස්කෘතික ආකර්ෂණය දෙස් විදෙස් ප්‍රේක්ෂකයන් වෙත විචිත්‍රවත් ලෙස විදහා දැක්වීමට චීන මාධ්‍ය සමූහය සූදානමින් සිටී.
More Stories
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා
“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ දී
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති