චීන මාධ්‍ය සමූහය සංවිධානය කළ“ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක් ”ප්‍රදර්ශනය පේරු රාජ්‍යයේ ලිමා අගනුවරදී ඇරඹේ. එම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (26) ලිමා අගනුවර පිහිටි ජාතික පුරාවිද්‍යා හා මානව විද්‍යා කෞතුකාගාරයේදී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහයේ ලතින්-ඇමරිකා මූලස්ථානය, චීන ජාත්‍යන්තර රූපවාහිනි ජාලය, පේරු රාජ්‍යයේ චීන තානාපති කාර්යාලය සහ පේරු ජාතික පුරාවිද්‍යා හා මානව විද්‍යා කෞතුකාගාරය ඒකාබද්ධ ව එම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත. “ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක් ” ප්‍රදර්ශනය ඊයේ සිට එළඹෙන ඔක්තෝබර් මස 2වන දින දක්වා පැවැත්වීමට නියමිත ය. ඉන් අනතුරුව එම ප්‍රදර්ශනය චීනයේ හොංකොං, මැකව් විශේෂ පරිපාලන කලාප දෙකේ, බ්‍රිතාන්‍යයේ සහ ඊජිප්තුවේ ද පැවැත්වෙනු ඇත.
චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා පේරු ජාතික පුරාවිද්‍යා හා මානව විද්‍යා කෞතුකාගාරයේ පැවති සමාරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් ද පැවැත්වීය. “ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක් ”ප්‍රදර්ශනය චීන සාම්ප්‍රදායික සංස්කෘතිය යළි ගවේෂණය කිරීමක් බව ශෙන් හයි ශියොං මහතා කියාසිටියේ ය. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය සිය මාධ්‍ය මෙහෙවර මැනවින් ඉටු කරමින් චීන සාම්ප්‍රදාය හා ශිෂ්ටාචාරය ලොව පුරා ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය