චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකාවේ වේලාවෙන් 16වැනිදා උදෑසන San Francisco හිදී මෙක්සිකානු ජනාධිපති Andrés Manuel López Obrador මහතා හමුවිය.
චීනය සහ මෙක්සිකෝව අතර මිත්‍රත්වය විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ද ක්‍රමයෙන් ශක්තිමත් වී ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. චීනය සහ මෙක්සිකෝව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය පසුගිය වසරට යෙදී තිබිණ. එසේම මෙම වසර දෙරට අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයක් පිහිටුවීමේ 10 වැනි සංවත්සරයයි. චීන-මෙක්සිකෝ සබඳතා පිළිබඳ චීනය වැඩි අවධානයක් යොමු කරයි. මෙක්සිකෝ පාර්ශ්වය සමග, උපායමාර්ගික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම, සහයෝගීතා විභවයන් නිරීක්ෂණය, අනුපූරක වාසි වෙනුවෙන් කටයුතු කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා නව තලයකට ඔසවා තැබීමට, චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේ ය.
මෙක්සිකෝවේ ජාතික අනන්‍යතාවන්ට ගැළපෙන සංවර්ධන මාවතක් ස්වාධීනව අනුගමනය කිරීමට චීනය සහාය දක්වන බව, ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත. මෙක්සිකෝව සමග රාජ්‍ය පාලනය සහ පරිපාලනය පිළිබඳ හුවමාරු සබඳතා ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂාවෙන් සිටී. එළඹෙන වසරේ දී චීන-CELAC සංසදය පිහිටුවීමේ 10 වැනි සංවත්සරය සමරයි. මෙක්සිකෝ පාර්ශ්වය සමග, නව යුගයේ චීන-ලතින් ඇමරිකානු සබඳතාවල ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේ ය.
මෑතකදී මෙක්සිකෝවේ සුළි කුණාටුවක් හේතුවෙන් ඇති වූ ව්‍යසනය පිළිබඳව ෂී ජින්පිං මහතා යළි සිය සංවේගය පළ කළේ ය. ආපදා සහන ද්‍රව්‍ය ලබා ගැනීමේදී චීනය මෙක්සිකෝවට සහය ලබා දීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.
Andrés Manuel López Obrador මහතා එහිදී පෙන්වා දුන්නේ, මෙක්සිකෝවේ සහ චීනයේ ජනතාව සහෝදරයන් මෙන් එකිනෙකාට ආදරය කරන බවයි. මීට පෙර ඇති වූ වසංගත සහ මෑතකදී ඇති වූ සුළි කුණාටු ආදී විපත්වලදී, චීනය කඩිනමින් මෙක්සිකෝවට ආධාර ලබා දුන්නේය. ඒ වෙනුවෙන් මෙක්සිකෝව සිය කෘතඥතාව පළ කරයි. මෙක්සිකෝව සහ චීනය සිය ස්වාධීනත්වය ආරක්ෂා කරන අතර, අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම පිළිබඳ දැඩි ලෙස විරුද්ධ වේ. මෙක්සිකෝව සෑම විටම චීනය කෙරෙහි සිය මිත්‍රශීලී ප්‍රතිපත්තියට අනුගත වන අතර අන්‍යොන්‍ය වශයෙන් ස්ථිර සහයෝගය අඛණ්ඩව දක්වනු ඇත. චීනය සමග, බහුපාර්ශ්වික කටයුතුවලදී සමීපව සහයෝගයෙන් කටයුතු කරමින්, ලතින් ඇමෙරිකානු-චීන සබඳතා සක්‍රීයව ප්‍රවර්ධනය කිරීමට, මෙක්සිකෝව කැමැත්තෙන් සිටින බව Andrés Manuel López Obrador මහතා එහිදී සඳහන් කර ඇත.
video-https://sinhalese.cri.cn/2023/11/17/ARTIHFcVihJyy1WjAaQk5Qf0231117.shtml?spm=C17792.PiK3aDanBR7h.EmOdqIIudfyZ.29
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ