ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා චීනය හා යුරෝපා සංගමය වඩාත් වැඩි ආයතනිකමය සංවාදයන් හී නිරත විය යුතු බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි. චීන යුරෝපා සංගම් උපායමාර්ගික හවුල්කාරීත්වයට නව සහ ශක්තිමත් ප්‍රවේගයක් වෙනුවෙන් එලෙස සබඳතා තර කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෙකු ද වන හෙතෙම මේ බව සඳහන් කළේ යුරෝපා සංගමයේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ පෙළේ නියෝජිත ජෝසප් බොරෙල් මහතා සමග ඊයේ පැවති දුරකථන සංවාදයකදීය.
එහිදී අදහස් දැක්වූ බොරෙල් මහතා අවධාරණය කළේ චීනය සමග සබඳතා වර්ධනය කර ගැනීමට යුරෝපා සංගමය ශක්තිමත් ලෙස කැපවන බවයි.යුරෝපා සංගමයේ “ගෝලීය ද්වාරය” හා “එක් තීරයක් එක් මාවතක්” එකිනෙකට ප්‍රතිවාදී නොවන වැඩසටහන් වන අතර ගෝලීය සංවර්ධනය පොදු ඉලක්කය වන බැවින් ඉන් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ අත්වන බවද හෙතෙම කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වන්ග් යී මහතා චීන යුරෝපා සංගම් සබඳතා ප්‍රවර්ධනය කෙරෙහි චීනය සැමවිටම ධනාත්මක ආකල්පයක සිටින බව පැවසීය.මෙම වසරේ පැවැත්වීමට නියමිත චීන යුරෝපා සංගම් නායක හමුව කෙරෙහි චීනය ඉහළ වැදගත්කමක් දක්වන බවද හෙතෙම සඳහන් කළේය.ඉන් චීන යුරෝපා ද්විපාර්ශ්වික සබඳතා වෙනුවෙන් ප්‍රමුඛ උපායමාර්ගික භූමිකාවක් ඉටු කිරීමට හැකිවනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.
චීන-යුරෝපා සංගම් සබඳතා වර්ධනයේ වැදගත්කම අවධාරණය කෙරේ

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි