චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා හා රුසියා අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා පසුගිය 5 වනදා මාර්ගගතව එම හමුව පැවැත්වූහ. නොබැඳි ප්‍රතිපත්තිය, ගැටුම් ඇති නොකිරීම සහ තුන්වන පාර්ශ්වයකට එරෙහිව ක්‍රියා නොකිරීමේ මූලධර්ම මත චීනය හා රුසියාව තිරසරව දෙරටේ සබඳතාව වර්ධනය කරන බව ලී ක ච්‍යං මහතා එහිදී පැවසීය. චීනය හා රුසියාව අතර ප්‍රබල ආර්ථික අනුපූරකත්වයක් පවතී.
ද්විපාර්ශ්වික සහයෝගිතා ක්‍රම මනා ලෙස අනුගමනය කිරීමෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගිතා ව්‍යාපෘති ස්ථීර ලෙස ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආර්ථික හා වෙළඳ සහයෝගිතා මට්ටම දියුණු කිරීමට හැකිවනු ඇති බවට හෙතෙම අපේක්ෂා පළ කළේය.
වත්මන් සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හමුවේ වුවද රුසියා චීන පරිපූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව යහපත් ප්‍රවණතාවේ වර්ධනය වෙමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව Mikhail Mishustin මහතා කියා සිටියේය. චීනය සමග ගෝලීය අභියෝග වලට ප්‍රතිචාර දක්වමින් ලෝක බහු ධ්‍රැවකරණ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව Mikhail Mishustin මහතා අවධාරණය කළේය.
- දිනුෂි ධීරසිංහ…
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්