චීන රුසියා විඩියෝ වැඩසටහන් දෙරටේ විකාශය කිරීම ඇරඹේ.
එම සමාරම්භක උත්සවය 26වැනිදා බෙයිජිංහිදී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට වැඩසටහන් රැසක් රුසියා ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි සමාගම, Russia Today ඒජන්සිය ඇතුළු රුසියාවේ ප්‍රධාන මාධ්‍ය වේදිකා වල විකාශනය කෙරෙනු ඇත. රුසියා ප්‍රේක්ෂකයන්ට නව යුගයේ චීනය පිළිබඳ තොරතුරු ඉන් පරිපූර්ණව ඉදිරිපත් කෙරේ. එමෙන්ම රුසියා ඉතිහාසය හා සංස්කෘතිය හඳුන්වා දෙන විශිෂ්ට වැඩසටහන් චීන මාධ්‍ය සමූහයේ CGTN වේදිකාවේ විකාශනය කෙරනු ඇත. එහිදී චීනයේ රුසියා තානාපති Andrey Denisov මහතා රුසියා රජය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වෙත රුසියාවේ මිත්‍රත්ව පදක්කම පිරිනැමීය.
චීන රුසියා විඩියෝ වැඩසටහන් දෙරටේ විකාශය කිරීමේ උත්සවය ඇරඹේ

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි