චීන වසන්ත උත්සවයේ සුබ පැතුම් සමස්ත ලෝකයටම ගෙන එමින් රාත්‍රී ප්‍රසංගය අතිසාර්ථකව විකාශය කෙරේ

28 වනදා රාත්‍රී 8 ට, චීන මාධ්‍ය සමූහයේ “2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය” ප්‍රීතියෙන් පිරුණු සංස්කෘතික පෙළහරක් ඉදිරිපත් කරමින් දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ට නයාගේ වසර සඳහා උණුසුම් සුබ පැතුම් එක් ක‍ර ඇත.

මෙවර වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය දේශීය නව මාධ්‍යවල සජීව විකාශන නරඹන්නන්ගේ සංඛ්‍යාව සහ අන්තර්ක්‍රියා ප්‍රමාණය අනුව නව වාර්තා පිහිටුවා තිබේ. මූලික සංඛ්‍යාලේඛනවලට අනුව, නව මාධ්‍ය වේදිකාවල නැරඹුම් වාර ගණන බිලියන 2.817ක් වන අතර, එය පසුගිය වසරේ එම සංඛ්‍යාවට වඩා මිලියන 690ක වැඩි වීමකි. දුරකථන මගින් සජීව විකාශය නැරඹූ වාර ගණන, මිලියන 496ක් වන අතර එය පසුගිය වසරේ එම සංඛ්‍යාවට වඩා සියයට 18.09ක වැඩිවීමකි.

සමාජ මාධ්‍යවල වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය පිළිබඳ තේමා කියවීම් සංඛ්‍යාව බිලියන 16.6 ක් වන අතර එය පසුගිය වසරේ එම සංඛ්‍යාවට වඩා මිලියන 550ක වර්ධනයකි. එම ප්‍රසංගය පිළිබඳ සමාජ මාධ්‍යවල අන්තර්ක්‍රියා සංඛ්‍යාව මිලියන 670ක් වන අතර එය වාර්ෂිකව සියයට 13.75 ක වර්ධනයකි. 

විදේශයන්හි  2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරණයන් ද නව මට්ටමකට ළඟා වී තිබේ. CGTN ජාලයේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, රුසියානු නාලිකා සහ සෙසු භාෂා 82ක නව මාධ්‍ය වේදිකා ඇතුළු මාධ්‍ය 2,900කට වැඩි ප්‍රමාණයක් එම ප්‍රසංගය විකාශනය කිරීම හා වාර්තාකරණය සිදු කර ඇත. එහි කියවීම් ප්‍රමාණය බිලියන 1.59ක් ඉක්මවයි. විදේශයන්හි වීඩියෝ නැරඹුම් වාර ගණන මිලියන 520ක් පමණ වේ. 

ලොව පුරා රටවල් 87ක නගර 136ක පොදු පුළුල් ඩිජිටල් තිර 3,508 කින් වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය ප්‍රවර්ධනය කිරීම හෝ සජීව විකාශය කිරීම සිදු කෙරිණ. පුළුල් ඩිජිටල් තිරවල සංඛ්‍යාව අනුව එය පසුගිය වසරට සාපේක්ෂව 223 කින් වැඩි විය. ආවරණය වූ රටවල් සහ නගර සංඛ්‍යාව, පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් සියයට 77.55කින් සහ සියයට 51කින් වැඩි වීම විශේෂත්වයකි.



WP Twitter Auto Publish Powered By : XYZScripts.com