
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ (04) යුරෝපා සංගමයේ සහ එහි සාමාජික රටවල චීනයේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් හමුවිය.
එහිදී විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ මේ වසරට චීන-යුරෝපා සංගමයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය පිහිටුවීමේ 20 වැනි සංවත්සරය යෙදී ඇති බවයි. එළඹෙන 24 වැනි චීන-යුරෝපා සංගම් නායක සමුළුවේදී දෙපාර්ශ්වයේ නායකයින් උපායමාර්ගික ද්විපාර්ශ්වීය සබඳතා සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය වශයෙන් පවතින ගැටලු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනු ඇති බව ද හෙතෙම පැවසීය.
චීන-යුරෝපා සංගම් සබඳතා ප්‍රවර්ධනයට දෙපාර්ශ්වය අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු තුනක් හෙතෙම එහිදී ඉදිරිපත් කළේය. පළමුව දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය ගෞරවයෙන් කටයුතු කළ යුතුය. දෙවනුව, දෙපාර්ශ්වය සන්සුන්ව ක්‍රියා කළ යුතු අතර ප්‍රායෝගික සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කළ යුතුය. තෙවනුව, දෙපාර්ශ්වයම ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ උපායමාර්ගික දෘෂ්ටිකෝණයකින් බැලිය යුතුය යන්නයි.
චීනයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා සහ චීනයේ යුරෝපා සංගමයේ සාමාජික රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් එහිදී කියාසිටියේ ඵලදායී සහ ස්ථාවර ද්විපාර්ශ්වීය සබඳතාවයක් වෙනුවෙන් යුරෝපා සංගමය කැපවී සිටින බවයි. එමෙන්ම චීනය සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ මනා සන්නිවේදනයකින් යුතුව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔවුහු එහිදී ප්‍රකාශ කළහ. යුරෝපා සංගමයට චීනයෙන් වෙන්වීමට කිසිදු අදහසක් නොමැති අතර, චීනය සමග අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ සමතුලිත ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔවුහු ප්‍රකාශ කර ඇත.

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි