චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා චීනයේ Kunming හි පැවැත්වෙන චීන-දකුණු ආසියා ප්‍රදර්ශනයට එක්ව සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා හමු වෙයි. හමුව ඊයේ(16) පැවැත්විණ.
තම රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහාය දක්වන චීනයට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එහිදී ස්තුතිය පළ කළේ ය. චීනය සමග එක්ව ෂී ජින් පිං ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු ගෝලීය මුලපිරුම් ශ්‍රී ලංකාව අනුගමනය කරනු ඇත. දෙරටේ ආර්ථික හා වෙළඳ ආයෝජන ඇතුළු සහයෝගිතා පුළුල් කිරීම තම රටේ අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
චීනය කෙරෙහි ශ්‍රී ලංකාව අඛණ්ඩ ව මිත්‍රශීලී ආකල්පයක් දැක්වීම චීනය අගය කරන බව විදේශ අමාත්‍ය වං යී මහතා සඳහන් කළේය. චීනයේ කේන්ද්‍රීය ප්රතිලාභ හා අදාළ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාව චීනයට සහාය දැක්වීම ද පැසසුමට ලක් වී ඇත. ශ්‍රී ලංකාව සමග එක්ව, රාජ්‍ය පාලන අත්දැකීම් පිළිබඳ අදහස් හුවමාරු හා ඒ ඒ ක්ෂේත්‍ර වල සහයෝගිතා තහවුරු කිරීමට චීනය සූදානම්ය. ශ්‍රී ලංකාවේ ණය ගැටළුව ඇතුළු අර්බුදයන් සඳහා ප්‍රායෝගික අයුරින් මුහුණ දීමට චීනය සහාය දක්වයි. එමෙන් ම ශ්‍රී ලංකාව දිළිඳු බවින් මුදවා කාර්මීකරණ ක්‍රියාදාමය හා කෘෂි නවීකරණ සංවර්ධනයට සහාය දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද විදේශ අමාත්‍යවරයා පැවසීය.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය