චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාලයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා අද(5) බෙයිජංහි පැවති ලෝක මානව හිමිකම් ප්‍රකාශනය පළ කිරීමේ 75 වැනි සංවත්සර සැමරුම් පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ප්‍රධාන දේශනයක් සිදු කළේය.
ලෝක මානව හිමිකම් ප්‍රකාශනය, ලෝක මානව හිමිකම් වර්ධනයට ගැඹුරු බලපෑම් සිදු කර ඇති බව වං යී මහතා එහිදී පැවසීය. චීනය තෝරා ගන්නා මානව හිමිකම් වර්ධන මාවත චීනයේ තත්ත්වය හා ජනතාවගේ අපේක්ෂාවට ගැළපෙන බව හෙතෙම කීය. චීනය දැඩි ලෙස මානව හිමිකම් ප්‍රවර්ධනය කරනු ඇත. ලෝක මානව හිමිකම් ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් චීනය ගෝලීය මානව හිමිකම් පාලනයට සක්‍රීය ලෙස එක් වනු ඇති බව වං යී මහතා අවධාරණය කළේය.
චීන මානව හිමිකම් වර්ධන අරමුදල විසින් සංවිධාන කරන ලද මෙවර වැඩමුළුවට ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකා හා යුරෝපයේ විවිධ රටවල්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන්, තානාපතිවරුන්, උගතුන් හා සිවිල් සංවිධානවල නියෝජිතයන් සහභාගි වී තිබේ.
More Stories
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමමූලික කරගත් චීනයේ නිදහස් වෙළඳ කලාප සංවර්ධන සැලසුම් නිකුත් කෙරේ
චීනයත් ලෝකයත් යා කෙරෙන“ගෝලීය චීන භාෂා සන්නිවේදන හවුල්කාරීත්ව”යාන්ත්‍රණය ස්ථාපිත කෙරේ
ඇමරිකාව Haiti රාජ්‍යයට එරෙහිව තීරු බදු පැනවීම පිළිබඳව චීනයේ දැඩි විරෝධය