මේ වසරේ මුල් මාස අටේ චීන විදේශ වෙළඳාමේ ආනයන හා අපනයන ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 27.08ක් එනම් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.7ක් බව චීන රේගු මහ පරිපාලනය අද (7) නිවේදනය කර ඇත. එය පෙර වසරවල සමාන කාල සීමාවට සාපේක්ෂව ඉහළ ම මට්ටමකි. ගෝලීය ආර්ථික හා වෙළඳ වර්ධනය මන්දගාමී වන පසුබිම යටතේ වුව ද චීනයේ අපනයන අංශය වර්ධන ප්‍රවණතාවයක පවතී. පසුගිය ජූලි මාසයේ චීනයේ අපනයනය චීන යුවාන් ට්‍රිලියන 2ක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන 273ක් ඉක්මවා ගියේ ය. එම වර්ධනය ඉකුත් අගෝස්තු මාසයේ තවදුරටත් ඉහළ ගොස් තිබේ. චීන විදේශ වෙළඳාමේ නම්‍යශීලිත්වය එයින් පෙන්නුම් කෙරෙන බව චීන රේගු මහ පරිපාලනය පවසයි.
චීන විදේශ වෙළඳාමේ ආනයන හා අපනයන ප්‍රමාණය ඉහළට

More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය