විස්තීරණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම් ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය චීනය සහ වියට්නාමය නිකුත් කරයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන්, වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති To Lam මහතා පසුගිය 18 වැනිදා සිට ඊයේ (20) දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය.
මිත්‍රශීලී සහ අවංක වාතාවරණයක් තුළ, නව තත්ත්වය යටතේ විස්තීරණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම් ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව දෙපාර්ශ්වය පුළුල් ලෙස අදහස් හුවමාරු කර වැදගත් එකඟතාවයකට පැමිණියහ.
වියට්නාමයට මිත්‍රශීලී ප්‍රතිපත්ති අනුගමනය කරන බවත්, අසල්වැසි රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී වියට්නාමය ප්‍රමුඛස්ථානයක් ලෙස සලකන බවත් චීනය අවධාරණය කර ඇත.එමෙන්ම වියට්නාමයේ විදේශ ප්‍රතිපත්තිය තුළදී චීනයට සැමවිටම ප්‍රමුඛතාවය ලබා දෙන බව ද වියට්නාමය යළි අවධාරණය කර ඇත. මෙය දෙපාර්ශ්වයේම උපායමාර්ගික තේරීමයි.
එකම චීනය ප්‍රතිපත්තිය වියට්නාමය තරයේ අනුගමනය කරන අතර තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බව පිළිගන්නා බව ද වියට්නාමය එම අවස්ථාවේදී යළි ප්‍රකාශ කර ඇත.
2025 වසර චීන-වියට්නාම සංස්කෘතික හුවමාරු කිරීමේ වසර ලෙස දෙරට ප්‍රකාශයට පත් කර තිබේ. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා දෙපාර්ශ්වය එක්ව ක්‍රියාකාරකම් මාලාවක් ද පවත්වනු ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි