ඇමරිකානු වාණිජ අමාත්‍යාංශය, චීන සමාගම් අපනයන සම්බාධක පැනවීමේ ලැයිස්තුවට එක් කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.
චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා මේ බව පැවසුවේ, රුසියාව හා සම්බන්ධ වීම හේතුවෙන් ඇතැම් චීන සමාගම් අපනයන සීමා පැනවීමේ ලැයිස්තුවට එක්කරන බවට ඇමරිකානු වාණිජ අමාත්‍යාංශය පසුගියදා කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙනි. රුසියාව හා සම්බන්ධතා පැවැත්වීම නිසා ඇමරිකාව කෙටිකලක් තුළ චීන සමාගම් සඳහා යළිත් සම්බාධක පනවා ඇතැයි ද එම ප්‍රකාශකයා පෙන්වාදෙයි.
ඇමරිකාව අපනයන පාලන ක්‍රියාමාර්ග අනිසි ලෙස භාවිත කරමින්, චීන සමාගම්වලට අත්තනෝමතික ලෙස ඒකපාර්ශ්වික සම්බාධක හා “දුරස්ථ අධිකරණ බලය” පැනවීම, ආර්ථික බලහත්කාරකමක් මෙන්ම දැඩි හිංසා කිරීමක් වන අතර, චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව ද හෙතෙම අවධාරණය කළේය.
More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්