උදා වූ චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් රටවල් රැසක දේශපාලනඥයින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ මිත්රයින් චීන ජනතාව වෙත සුබ පැතුම් පිරිනමා ඇත.
චීනයේ සහෝදර රටක් ලෙස, වෙනිසියුලාව චීන ජනතාවට අවංක ආශිර්වාදය ලබා දෙන අතර 2024 දී වෙනිසියුලාව සහ චීනය අතර සහෝදරත්වය අඛණ්ඩව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව එරට ජනාධිපති Maduro Moros මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළේය.
මෙම වසර සමෘද්ධිමත් හා සුබ වසරක් වේවායි ප්‍රාර්ථනා කරන බව තායිලන්ත අගමැති Settha Thawisin මහතා ද සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් පැවසීය. තායිලන්ත-චීන වෙළඳාම සහ ආයෝජන කටයුතු වර්ධනය වෙමින් පවතින අතර අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තිය ඔස්සේ දෙරට අතර සංචාර වඩාත් පහසු කරවීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම එහිදී පැවසීය.
2024 දී චීන ජනතාවට සුබ නව අවුරුද්දක් සහ සැපවත් දිවියක් ළඟා වේවායි ප්‍රාර්ථනා කරන බව ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ සභාපති Alvaro Lario මහතා ද සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර ඇත.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ