ඇමරිකාව චීන සිසුන් එරට අධ්‍යාපනය ලැබීම සඳහා පිළිගන්නා බවට කළ ප්‍රකාශය ක්‍රියාවට නැංවිය යුතු බව චීනය පවසනවා.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (4) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෑත කාලයේ චීන සිසුන් බොහෝ දෙනෙකු ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා එරටට පිවිසීමේ දී පුළුල් පරීක්ෂාවන්ට ලක් විය. ඇතැම් සිසුන්ගේ වීසා අවලංගු කෙරුණු අතර, වසර 5ක් ඇතුළත ඇමරිකාවට පිවිසීම ද තහනම් කරනු ලැබීය.
ශාස්ත්‍රීය නිදහස හා විවෘතබව පිළිබඳව ඇමරිකාව නිරන්තරයෙන් වර්ණනා කළ ද එරට ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු පවා දේශපාලනීකරණය වී ඇති අතර, ඇතැම් විට එය අවියක් ලෙස යොදාගෙන ඇති බවයි චීනය පවසන්නේ. එම ක්‍රියා චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කරන බව ද ඔහු ප්‍රකාශ කළා. චීනය හා ඇමරිකාව අතර සංස්කෘතික හා මානව හුවමාරු සහයෝගීතාවය ඉන් බිඳවැටී ඇති අතර ද්විපාර්ශ්වික හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීම පිළිබඳ දෙරටේ නායකයන්ගේ එකඟතාවන්ට ද එය පටහැනිය.
චීන සිසුන් තම රටට පිළිගන්නා බවට කළ ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි. ඒ සඳහා 10043 අංක දරන සාවද්‍ය පරිපාලන නියෝගය අහෝසි කර, අධ්‍යාපනය සඳහා ඇමරිකාවට පැමිණෙන චීන සිසුන් ජාතික ආරක්ෂාව සුරැකීමේ මුවාවෙන් සීමා කිරීම හා පීඩාවට පත්කිරීම නතර කළ යුතු බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කරනවා.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය