චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(29) සවස බෙයිජිං මහජන මහ ශාලාවේ දී පින්ලන්ත ජනාධිපති Alexander Stubb මහතා හමු විය. Alexander Stubb මහතා චීනයේ නිල සංචාරයක් සඳහා පැමිණ සිටී.
ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ, පින්ලන්තය චීන මහජන සමූහාණ්ඩුව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත් පළමු බටහිර රටවල් අතරින් එකක් බවයි.එසේම චීනය සමග අන්තර් රාජ්‍ය වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළ පළමු බටහිර රට වන්නේද පින්ලන්තයයි. රටවල් දෙක සැමවිටම අන්‍යෝන්‍ය ගෞරව කිරීම, එකිනෙකාට සමානව සැලකීම, එකිනෙකාගේ මූලික අවශ්‍යතා සැලකිල්ලට ගැනීම, චීන-පින්ලන්ත සබඳතාවල දිගු කාලීන විධිමත් හා ස්ථාවර සංවර්ධනයට ඇති වැදගත්ම හේතූන් බව, ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය. සාමයට කැමති චීනය සහ පින්ලන්තය, බහුපාර්ශ්වවාදය සහ නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටී. ලබන වසර චීනය හා යුරෝපා සංගමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සර වසරයි. චීන-යුරෝපා සංගම් සබඳතාවල යහපත් සහ ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට පින්ලන්තය අඛණ්ඩව ක්‍රියාකාරී කාර්යභාරයන් ඉටු කරනු ඇති බවත් , චීන-පින්ලන්ත සබඳතා සහ චීන-යුරෝපා සංගම් සබඳතා ප්‍රවර්ධනයටත් ක්‍රියා කරනු ඇතැයි, තමා බලාපොරොත්තු වන බවත් ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගත වූ වසර 74 තුළ, පින්ලන්තය හා චීනය සෑම විටම අන්‍යෝන්‍ය ගරු කිරීම, අවංක ව සැලකීම හා සාමකාමී ව සංවාද පවත්වමින් ද්විපාර්ශ්වික සබඳතා මනා සංවර්ධනයකින් යුතුව පවත්වා ගෙන යන බව, Alexander Stubb මහතා එහිදී කියා සිටියේ ය. එකම චීනය යන මූලධර්මය පින්ලන්තය අනුගමනය කරයි. යුරෝපා සංගමය සහ චීනය අතර සබඳතා සුමටව වර්ධනය කිරීම සඳහා පින්ලන්තය ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කිරීමට කැමැත්තෙන් සිටී. එමෙන්ම ලෝක සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා, චීනය සමග බහුපාර්ශ්වික සන්නිවේදන හා සහයෝගීතාව ශක්තිමත් කිරීමට පින්ලන්තය කැමැත්තෙන් සිටින බවද Alexander Stubb මහතා සඳහන් කළේ ය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි