චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතිකාරක්ෂක නීති හා මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකානු කොංග්‍රසය එල්ල කරන අපහාස හොංකොං කලාපීය රජය තරයේ හෙළා දකී.
ඇමරිකානු කොංග්‍රසය ඊනියා “හොංකොං ආර්ථික වෙළඳ කාර්යාලය සහතික කිරීමේ පනත” ප්‍රයෝජනයට ගනිමින්, හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතිකාරක්ෂාව සුරැකීමේ නීතිය හා මානව හිමිකම් තත්ත්වය අපහාසයට ලක් කර ඇත. චීන හොංකොං විශේෂ පරිපාලන කලාප රජය අද (11) ඊට දැඩි ලෙස විරෝධය පළ කළේය.
ඇමරිකානු කොංග්‍රසය සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සත්‍යය බැහැර කර, හොංකොං හි අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙස මැදිහත්වී ඇතැයි ද එම බලධාරීහු පෙන්වාදෙති.
මීට අමතරව, ඊයේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව යන රටවල් තුනේ විදේශ අමාත්‍යාංශ සහ ඊනියා “නිදහස් මාධ්‍ය සන්ධානය” ද චීනයේ හොංකොං අධිකරණය ලබා දුන් නීත්‍යනුකූල මාධ්‍ය නඩු තීන්දු කෙරෙහි පදනම් විරහිත චෝදනා එල්ල කර ඇත. ඔවුන් එහිදී හොංකොං හි ජාතිකාරක්ෂක නීති හා රෙගුලාසිවලට විවේචනය කරමින් එම කලාපයේ මාධ්‍ය නිදහසට ද අපහාස කර තිබේ. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ චීන විදේශ අමාත්‍යාංශ කාර්යාලය ඊට දැඩි විරෝධය පළකරන බව එම කාර්යාල ප්‍රකාශකයා කියාසිටියේය.
මේ වසර මුල සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ හොංකොං හි රැඳී සිටි විදේශීය මාධ්‍යවේදීන් සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 98 කින් ඉහළ ගොස් ඇත. එම වර්ධන අනුපාතය 18.5% කි. හොංකොංහි මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විදේශීය මාධ්‍ය ආයතනවල පිළිගැනීම ඉන් මනා ලෙස පිළිබිඹු වන බවද එම ප්‍රකාශකයා පැවසීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි